/
/
title icon උසස් පෙළ කාලසීමාවේත් විදුලිය කැපේ – උපයෝගීතා කොමිසමේ නිර්දේශ විසිවේ.
උසස් පෙළ කාලසීමාවේත් විදුලිය කැපේ – උපයෝගීතා කොමිසමේ නිර්දේශ විසිවේ.
Editor
1 year ago
Share:
උසස් පෙළ කාලසීමාවේත් විදුලිය කැපේ – උපයෝගීතා කොමිසමේ නිර්දේශ විසිවේ.

උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ කෙරුණත්, පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවදුරටත් ක‍්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උසස් පෙළ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිසම විදුලිබල මණ්ඩලයට නිර්දේශ කර ඇති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ සහ විදුලිබල මණ්ඩලයේ එකඟත්වය හිමිවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප‍්‍රකාශ කළා.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින්ද අද මාධ්‍ය හමුවක් කැඳවමින්, විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලීමක් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required