
සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා වන බස් ඇල්ඩ්‍රින් සිය 93 වැනි උපන් දිනයේදී සිව්වන වරටත් යුග දිවියට එළැඹ තිබෙනවා.
ඒ, ඔහුගේ දිගු කාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවුර් සමඟයි. ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක්.
බස් ඇල්ඩ්‍රින් 1969 වසරේදී ඇපලෝ 11 යානයෙන් සද මතට ගමන්කළ ඓතිහාසික ගමනේ සාමාජිකයෙක්. එහිදී නීල් ආම්ස්ට්‍රෝන් පළමුව සඳ මත පා තැබූ අතර, අනතුරුවයි බස් ඇල්ඩ්‍රින් සඳ මත පා තැබුවේ.
සඳ මත පා තැබූ පිරිසෙන් සිව් දෙනෙක් මේ වනවිට ජීවත්ව සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙකු වන්නේ මොහුයි.