/
/
title icon විභාග සමයේ විදුලිය කපන්න එපා – මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්.
විභාග සමයේ විදුලිය කපන්න එපා – මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්.
Editor
1 year ago
Share:
විභාග සමයේ විදුලිය කපන්න එපා – මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්.

උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි විසන්ධි කිරීම් වළක්වාලීමට පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම බලධාරින්ට දැනුම් දී තිබෙනවා.

එහි සභාපතිනි විශ‍්‍රාමික විනිසුරු රෝහිණි මාරසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ ලිපියක් යොමුකරමින්.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම අද පස්වරුවේ නිවේදනය කළේ මේ දක්වා පැය 02 යි විනාඩි 20 ක කාලයක් සිදුකළ දෛනික විදුලි කප්පාදුව හෙට දිනයේදී විනාඩි 20 කින් අඩුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි. උසස් පෙළ විභාගය අද ආරම්භ වූ අතර එය ලබන මස 14 දක්වා ක‍්‍රියාත්මකයි.

කෙසේ වෙතත් මෙම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් විභාගයට පෙනී සිටින සිසුන් පීඩාවට පත්වන බව එම දරුවන්ගේ දෙමාපියන් ප‍්‍රකාශ කළා.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය විදුලිබල අමාත්‍යංශයට සහ මහජන උපයෝගිතා කොමිසමට යැවූ ලිපියේද දැක්වෙන්නේ දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට බාධාකාරි තත්ත්වයක් ඇතිකර ඇති බවයි.

මෙමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සළසා ඇති සමානාත්මතාව පිළිබඳ මූලධර්මය දරුවන්ට අහිමි කර ඇති බව එහි දැක්වුණා.

කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රාත‍්‍රි කාලයේ දරුවන්ට අධ්‍යයනය කටයුතු කිරීමේ පහසුව සඳහා අවස්ථාවක් ලබාදීමට යම් එකඟතාවක් පළකර ඇති බවයි.

කෙසේ වෙතත්, හෙට දිනයේදී දෛනික විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති අතර ඒ අනුව හෙට රාත‍්‍රි කාලයේදී පැයයි විනාඩි 20 ක් සහ දහවල් විනාඩි 40 ක් විදුලි කප්පාදුව සිදුකෙරුණු ඇති.

මේ අතර අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා රුපියල් බිලියන 06 ක පිරිවැයක් දැරීමට සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප‍්‍රකාශ කළා. ගල් අඟුරු ආනයනය කර තිබියදී එවැනි පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ නැප්තා මිල ඉහළ දැමීම හේතුවෙන් වන අතර එමඟින් විභාග කාලසීමාවේ අඛණ්ඩව විදුලිය සැපයීමට බාධා එල්ලවී ඇති බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required