/
/
title icon
උද්ධමනය පහත වැටේ.
උද්ධමනය පහත වැටේ.
Editor
2 years ago
Share:
උද්ධමනය පහත වැටේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 06 කින් පහත වැටී තිබෙනවා.

එය ඉකුත් නොවැම්බර් මාසයේ සියයට 65 ක් ලෙස දැක්වුණු අතර එය දෙසැම්බර් මාසයේ සියයට 59.2 දක්වා පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ආහාර කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මාසයේදී සියයට 69.8 සිට 59.3 දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 272 යි දශම 6 යි 4 න්ද එස් ඇන්ඞ් පී දර්ශකය ඒකකය 94 යි දශම 7 යි 2 න් ඉහළ ගිය අතර දෛනික පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 02 ක් ලෙසයි. මෙරට ණය ප‍්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට ඉන්දියාව සහ චීනය සහයෝගය පළකිරීමත් සමඟ අයෝජකයන්ගේ විශ්වාසය ඉහළයාම කොටස් වෙළඳපලේ මෙම වර්ධනයට හේතුවී ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required