
මේ වනවිට ආරම්භ වී ඇති උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිය පියා සමඟ ත්‍රීරෝද රථයකින් යමින් සිටි 21 හැවිරිදි තරුණියකට කෑගල්ල – පරගම්මන ප‍්‍රදේශයේ දී තරුණයෙකු විසින් ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ තරුණයා තරුණියගේ පෙම්වතා බවට පැවසෙන අතර ඔහු ඊයේ යතුරුපැදියකින් පැමිණ මග හරස් කොට ඇසිඩ් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී පියා විසින් එය ව්‍යාර්ථ කර ඇති අතර පසුව තරුණියගේ පියා, තරුණයාට යලි ඇසිඩ් ගැසීමට සූදානම් වූ අවස්ථාවේ දි ඇති වූ උණුසුම් තත්වයත් සමඟ ඔවුන් තිදෙනාටම ඇසිඩ් වැදී තිබෙනවා.
තරුණියට අමතරව 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි තරුණයාද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.