
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරින් මියගිය 7 දෙනාගේ ඥාතීන්ට වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, අමාත්‍ය ජීවන් තොන්ඩමන් කළ යෝජනාවකට අනුවයි.
හැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ නානුඔය – රදැල්ල ප‍්‍රදේශයේදී අදාළ බස් රථය වෑන් රථයක සහ ත‍්‍රිරෝද රථයක ගැටී මෙම අනතුරු සිදුවුණේ පසුගිය 20 වනදායි.
සිද්ධියෙන් 51 දෙනෙකු තුවාල ලැබූ අතර මියගිය 7 දෙනාගෙන් 5 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයින් වුණා.
පසුව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.