/
/
title icon
පුපුරණ ද්‍රව්‍ය සමඟ ලොරි රථයක් බිංගිරියේදී අල්ලයි.
පුපුරණ ද්‍රව්‍ය සමඟ ලොරි රථයක් බිංගිරියේදී අල්ලයි.
Editor
2 years ago
Share:
පුපුරණ ද්‍රව්‍ය සමඟ ලොරි රථයක් බිංගිරියේදී අල්ලයි.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විලත්තව ප‍්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටිය දී අදාළ ලොරි රථය ඊයේ රාත්‍රියේ පරික්ෂාවට ලක්කර ඇති අතර, එහිදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ලොරි රථයේ සූක්ෂම ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුතු සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකරුවන් අවුරුදු 33 සහ 44 යන වයස්වල පසුවන මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required