ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඒ, මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සඳහා මීට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී ඇය සඳහන් කළේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බවයි. මරණයට අදාළ විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් සාක්ෂි විමසීම අප්රසිද්ධියේ සිදුකරන ලෙස දිනේෂ් ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ බවද ඇය කියා සිටියා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ විමර්ශනයට අදාළ රජයේ රස පරීක්ෂවරයාගේ වාර්තාව මේ වනවිට අධිකරණයට ලැබී ඇති බවද ඊයේ අනාවරණ වුණා. ඊයේ දිනයේදීත් මියගිය ෂාෆ්ටර්ගේ සොහොයුරාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය, ලබන 08 වනදා දක්වා කල්තැබීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ.