
පළාත් පාලන ඡන්ද විසීම සඳහා දින නියමකරන අවස්ථාවේ ඝණපූර්ණය නොතිබූ බවට පළවන වාර්තා මැතිවරණ කොමිසන් සභාව ප‍්‍රතික්ෂේප කරනවා.
අදාළ වාර්තාවල දැක්වුණේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවට කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු සහභාගි වී නොමැති බවයි.
කෙසේ වෙතත් ඔවුන් මාර්ගගත ක‍්‍රමයට අදාළ සාකච්ඡාවට එක්වූ බව අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මැතිවරණ දිනය ගැසට් මඟින් මේ දක්වා ප‍්‍රකාශයට පත්කර නොමැති අතර, එය එසේ සිදු නොකිරීම ගැටළු සහගත බවයි හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා කියා සිටියේ.