
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 03 ක මුදලක් ලබාදී තිබෙනවා.
මීට පෙර එම කාර්යාංශය මහභාණ්ඩාගාරයට රුපියල් බිලියන 3.38 ක මුළු මුදලක් ලබාදී ඇති අතර, එකවර රුපියල් බිලියන 03 ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගෙන ඇති ලාභයේ කොටසක් ලෙස මෙම මුදල ලබාදී තිබෙනවා.