/
/
title icon
බිංගිරියේ පුපුරණ ද්‍රව්‍ය ලොරියේ විමර්ශන රහස් පොලීසියට.
බිංගිරියේ පුපුරණ ද්‍රව්‍ය ලොරියේ විමර්ශන රහස් පොලීසියට.
Editor
2 years ago
Share:
බිංගිරියේ පුපුරණ ද්‍රව්‍ය ලොරියේ විමර්ශන රහස් පොලීසියට.

බිංගිරිය – විලත්තව ප‍්‍රදේශයේදී පොලිස් භාරයට ගත් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.

පෙරේදා රාත්‍රියේ විලත්තව ප‍්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටි නිලධාරින් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර තිබුණා. එහි සූක්ෂම ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුතු සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ය බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සොයාගත් අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අවුරුදු 33 සහ 44 යන වයස්වල පසුවන මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප‍්‍රදේශයේ සිට ධීවර කටයුත්තක් සඳහා රැගෙන ආ බවටත්, කොළඹ ප‍්‍රදේශයට ලොරි රථයෙන් ප‍්‍රවාහනය කරමින් සිටි බවටත් ප‍්‍රකාශ කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required