
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම මුජබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.
මේ අතර, 21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවනු ලැබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට තේරී පත්වනවා.
එසේම ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු බැගින් මෙන්ම විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු සහ සුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත්. ඊට අමතරව සිවිල් සමාජයේ නියෝජිතයන් තුන්දෙනෙකුද ඊට ඇතුළත් වනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තුන්දෙනා පසුගිය සතියේදී පත් කරනු ලැබුවා.
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් අද දිනයේ රැස්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.