/
/
title icon
රියදුරු මිතුරාගේ බෝතල් පහරෙන් කොන්දොස්තර මරු දකී.
රියදුරු මිතුරාගේ බෝතල් පහරෙන් කොන්දොස්තර මරු දකී.
Editor
2 years ago
Share:
රියදුරු මිතුරාගේ බෝතල් පහරෙන් කොන්දොස්තර මරු දකී.

දීර්ඝ කාලයක සිට මිතුරෙකු ලෙස ඇසුරු කළ රියදුරාගේ බෝතල් ප‍්‍රහාරයකට ලක්ව එම බස් රථයේම කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුනායක ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මොණරාගල සිට කටුනායක බලා ධාවනය වන ශ‍්‍රී ලංගම බස් රථයේ කොන්දොස්තරවරයයි මෙලෙස මියගොස් ඇත්තේ.

රාත‍්‍රී 7.30 ට පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් රියදුරා විසින් කොන්දොස්තරවරයාට වීදුරු බෝතලයකින් පහරදී ඇති අතර, එහිදී ඔහුගේ ගෙළට තුවාල සිදුව තිිබෙනවා.

තුවාල ලැබූ කොන්දොස්තරවරයා ඒ සම්බන්ධයෙන් කටුනායක පොලීසියට පැමිණ පැමිණිල්ලක්ද සිදුකර මීගමුව මහ රෝහලට ඇතුළත් වී තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ අලූයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය කොන්දොස්තරවරයා 38 හැවිරිදි වියේ පසුවන අතර, 40 හැවිරිදි සැකකාර රියදුරා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මොණරාගල – මාගන්දරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මිතුරන් ලෙස ඇසුරු කර එක්ව සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු වීමද විශේෂත්වයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required