/
/
title icon
යාපනයේදී ‘‘වික්ටර්’’ සහ ‘‘ජෙගන්’’ කල්ලි ගැටෙයි.
යාපනයේදී ‘‘වික්ටර්’’ සහ ‘‘ජෙගන්’’ කල්ලි ගැටෙයි.
Editor
2 years ago
Share:
යාපනයේදී ‘‘වික්ටර්’’ සහ ‘‘ජෙගන්’’ කල්ලි ගැටෙයි.

යාපනයේ ක‍්‍රියාත්මක වික්ටර් සහ ජෙගන් නැමති කල්ලිවල සාමාජිකයන් අද දහවල් යාපනය – චුන්නාකම් ප‍්‍රදේශයේදී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එහිදී ඔවුන් වාහන එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, අනතුරුව කඩුවලින් එකිනෙකාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දීය සිනමා පටවල දැක්වෙන ආකාරයෙන් කුඩා ලොරි රථයක්, කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදියක් මෙලෙස එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ හතරදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කල්ලි සාමාජිකයන් විසින් යාපනය ප‍්‍රදේශයේ මංකොල්ලකෑම්, පහරදීම් සහ පුද්ගල බියවැද්දවීම් සිදුකරන බවටද තොරතුරු වාර්තා වන අතර, මීට පෙරද අවස්ථා ගණනාවකදී ඔවුන් අතර විවිධ ගැටුම් හටගෙන ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required