
පළාත්පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ හැක්කේ රුපියල් 15 ක් පමණක් බවට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදීයි.
ඊයේ රවරුවේ පැවති එම රැස්වීම සදහා දේශපාලන පක්ෂ 85 ක පමණ නියෝජිතයින් එක්ව සිටියා. එහිදි මැතිවරණ වියදම් නියාමනය සඳහා එකගතාවට පැමිණ තිබෙනවා.