
බිරිඳ විදේශ ගතවීම වැළැක්වීම සඳහා තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පියෙක් පිළිබඳව තොරතුරු පොලොන්නරුව – බකමූණ ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි පියා ඊයේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වස පෙවීම හේතුවෙන් දරුවා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මව සහ පියා අතර කලක සිට පවුල් ආරවුලක්ද පවතින බවයි වාර්තා වුණේ.