/
/
title icon
ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද.
ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද.
Editor
2 years ago
Share:
ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම හමුව අද පස්වරු 4 ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට අමතරව කතානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ද මෙම හමුවට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡුාවට ලක් කෙරෙනු ඇති.

ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක්ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required