
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිරවයා ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.
මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නිමල් පුංචිහේවා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ් සහ කේ.පී.පී. පතිරණයි. මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා සඳහා නව සාමාජිකයන් බදවා ගැනීමට අයදුම්පත් කැඳවීමට ඊයේ රැස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සභාව තීරණය කර තිබුණා.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡුන්දය විමසීම පැවැත්වෙන දින ඉදිරි සතිය තුළ ප‍්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් බවයි.
එමෙන්ම, ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සියලූ කටයුතු සූදානම් බවද කොමිසම ප‍්‍රකාශ කළා. පළාත් පාලන ආයතන 339 කට අදාළව මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ නැහැ.
එමෙන්ම, රජයේ මුද්‍රණාලයද සඳහන් කළේ මෙවර ඡුන්ද පති‍්‍රකා එක්කෝටි 70,000 ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බවයි.