
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඊට අදාළ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු සීමාව ද ප‍්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පසුගිය වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 25 වනදා පැවැත්වුණා. ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 29 දහස් 668ක්.
ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර, ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු සීමාවන් ද මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල සිංහල මාධ්‍ය අවම කඩඉම් ලකුණ සටහන් වන්නේ 153ක් ලෙසයි.
එමෙන්ම හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම කඩඉම් ලකුණ 150ක්. අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල අවම කඩඉම් ලකුණ සටහන් වන්නේ 148ක් ලෙසයි.
නුවරඑළිය සහ ත්‍රිකුණාමලය අවම කඩඉම් ලකුණ 147ක්.
මන්නාරම, මුලතිව් සහ වව්නියාවේ අවම කඩඉම් ලකුණ සටහන් වන්නේ 145ක් ලෙසයි. දෙමළ මාධ්‍ය අවම කඩඉම් ලකුණ 144ක් ලෙස සටහන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් පෙබරවාරි මස 28 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.