
පාස්කු ප‍්‍රහාරයට අදාළව, ජනාධිපති පරීක්ෂණ කොමිසම, පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. ඒ අනුව ලබන මැයි මස 19 වනදා අදාළ පෙත්සම සළකා බැලීමට නියමිතයි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයී මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රූකාන්ත අබේසූරිය අධිකරණයට දන්වා සිටියේ මෙවැනි ගැටලූ සම්බන්ධයෙන් සොයා බලනු ලබන්නේ ජාතික පොලිස් කොමිසම වන අතර, ජාතික පොලිස් කොමිසම මෙම පෙත්සමේ සාමාජිකයෙකු වශයෙන් නම් කර නොමැති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අභියාචනාධිකරණය අවසර දුන්නා.