
මුතුරාජවෙල රක්ෂිත ප‍්‍රදේශයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු නිම කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද රජයට මාස තුනක කාලයක් ලබා දුන්නා.
ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීති විරෝධී ක‍්‍රියා සිදුවන බැවින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ.