
නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අද මධ්‍යම රාත‍්‍රියේ සිට වාර අවසාන කිරීමට නියමිතයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි යළිත් නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන පෙබරවාරි 08 වනදා ආරම්භ කරන බව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කිරීමෙන් පසු ආරම්භ වන නව සැසිවාරයේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු වනවා.
කෙසේ වෙතත්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, වාර අවසාන කළ අවස්ථාවක වූවද අඛණ්ඩව ක‍්‍රියාත්මකයි.
මීට පෙරද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් පසුගිය වසරේ ජුලි 28 වනදා පාර්ලිමේන්තුව වාර අවසාන කළ අතර තුන්වන සැසිවාරය යළි ආරම්භ වූයේ පසුගිය වසරේ අගෝස්තු 08 වනදායි.