
ශ‍්‍රී ලංකාවේ සංචාරය කර නැවත යමින් සිටි ඇමරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවයේ හිටපු ප‍්‍රධානියෙකු වන චාල්ස් මැක්ගොනිගල්, ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපලේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රුසියානු ප‍්‍රකෝටිපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2018 වසරේදී එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවයෙන් විශ‍්‍රාම ගිය චාල්ස් මැක්ගොනිගල් සිය ව්‍යාපාර කටයුත්තක් සඳහා පසුගියදා මෙරටට පැමිණ තිබුණා.