/
/
title icon
ඇලයාපත්තුවේ ඛේදවාචකය ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි.
ඇලයාපත්තුවේ ඛේදවාචකය ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි.
Editor
2 years ago
Share:
ඇලයාපත්තුවේ ඛේදවාචකය ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි.

අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප‍්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ මවගේ සහ දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද හෝ හෙට දිනයේදී රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමටද නියමිතව ඇති බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීම සඳහායී රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට කටයුතු කෙරෙන්නේ.

පෙරේදා රාත‍්‍රියේ අදාළ නිවසේ කාමරයක් තුළ හටගත් මෙම ගින්නෙන් ජීවිතක්ෂයට පත්වුණේ එහි නිදමින් සිටි 33 හැවිරිදි මව, ඇගේ දරුවන් වන පස්හැවිරිදි පිරිමි දරුවා සහ දස හැවිරිදි දියණියයි.

දරුවන්ගේ පියා වෙනත් කාමරයක නිදාගෙන සිට ඇති අතර, දරුවන් සහ බිරිඳ බේරාගැනීමට ගිය ඔහු පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔහුගෙන් පොලීසිය ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම නිවසට අසළ පිහිටි නිවසකින් විදුලිය ලබාගෙන ඇති අතර, ගිනි ගැනීමට ලක්වූ කාමරේ පෙට‍්‍රල් බෝතලයක් තිබූ බව සැමියා විසින් ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required