
උතුර – නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක හමුදා නිලධාරින් එලෙසම එම විහාරස්ථාන ආශ‍්‍රයෙහි යෙදවීම සුදුසු බව මහනායක හිමිවරුන් පවසනවා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ උතුර නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ‍්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප‍්‍රදේශවල ආරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවයි.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය කාල වකවානු තුළ සුවිශේෂි ඓතිහාසික වැදගත්කමක් ඇති විහාරස්ථානවල ආරක්ෂාව සහ සංවර්ධන කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවයි.
ඒ අනුව එම ආරක්ෂක අංශ සාමාජිකයන් අදාළ ස්ථානවලින් ඉවත්කළහොත් විහාරස්ථාන සංවර්ධන කටයුතු අඩාලවිය හැකි බව මහනායක හිමිවරු ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.