
ලබන 4 වන දා ගාලූ මුවදොර පැවැත්වෙන 75 වන නිදහස් දිනයට සමගාමීව සිදු කරන පෙරහුරු අද සිට ආරම්භ වනවා.
ඒ, හේතුවෙන් ගාලූ මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් අද සිට ක‍්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.
බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළේ, අද, හෙට සහ පෙබරවාරි 1,2,3 සහ 4 යන දිනවල උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක බවයි.