
ඉදිරි පැය විසි හතර තුළ දිවයිනේ නැගෙනහිර මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් අනිද්දා වනවිට නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශය ආශ‍්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
ඒ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 40 සිට 60 දක්වා වැඩිවිය හැකි අතර, ඉතා රළු හෝ තද හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.