
ශ්රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි පළමු වනදා පරීක්ෂා කිරීමට නියමිතයි.
මීට පෙර 2008, 2012 සහ 2017 වසරවලදී මෙවැනි සමාලෝචන සිදුකෙරුණා.
මෙම සමාලෝචනවලදී සිදුවන්නේ සියලූම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීමයි.
අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට තමන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පැහැදිලි කිරීමටද මෙහිදී අවස්ථාව හිමිවන බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරන්නේ.