/
/
title icon
කහ පැහැ ගැන් වූ ගොයම නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි.
කහ පැහැ ගැන් වූ ගොයම නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි.
Editor
2 years ago
Share:
කහ පැහැ ගැන් වූ ගොයම නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි.

මහ කන්නයේ වී වගාව ආශ‍්‍රිතව ඇතැම් ප‍්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහපැහැ ගැන්වීමේ තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවන ගොවීන්ට කෘෂිරක්ෂණය හරහා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් වාර්තා කිරීමෙන් අනතුරුව කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ගොස් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව අදාළ වන්දි ලබාගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. වන්දි ලෙස ලබාගත හැකි මුදල රුපියල් 40,000 ක්.

ගොයම් කහපැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා විෂය භාර අමාත්‍යවරයාට භාර දෙනු ලැබුවා. ඒ, දිස්ත‍්‍රික්ක 14 ක නිලධාරින් යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

එමගින් කහපැහැ වීමට හේතු කිහිපයක් දක්වා තිබෙනවා. ඉන් ප‍්‍රධානම හේතුව වන්නේ පොස්පරස්, පොටෑසියම් ඌණතාවයයි.

එසේම, නෙමටෝඩා හෙවත් වට පණුවන් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ හානිය, දුඹුරු පැළ කීඩෑ උවදුර, කුඹුරුවල ලවණතාවය, යකඩ විෂ වීම ද ගොයම් කහපැහැ ගැන්වීමට හේතුවී ඇති බවයි අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ.

මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටයාර හත්ලක්ෂ 80,000 න් සියයට 10 ක පමණ ප‍්‍රමාණයක ගොයම් කහපැහැ ගැන්වීමේ රෝගී තත්ත්වය වාර්තා වන බව එහි දැක්වෙනවා. ඊට අමතරව සියයට 2 ක පමණ කුඹුරු ඉඩම් වල නෙමටෝඩා නමැති රෝගී තත්ත්වය වාර්තා වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට ලබාදුන් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required