
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව, එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වනදා තෙක් විදුලි කප්පාදු කිරීමෙන් ළමයින්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තම කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.
කුමන තත්ත්වයක් යටතේ වුව ද මෙතෙක් දෛනිකව සිදුවන විදුලි කප්පාදුවෙන් උසස් පෙළ සිසුන්ට සහනයක් ලැබී නැහැ. විදුලි ඉල්ලූම් කළමනාකරණ ක‍්‍රමවේදය වෙනස් නොකරන බව විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කරන අතර ඔවුන්ට උසස් පෙළ විභාගය නිමවන පෙබරවරි 17 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීමට අවසර නොමැති බවයි මහජන උපයෝගිතා කොමිසම ප‍්‍රකාශ කළේ.
එසේම, මානව හිමිකම් කොමිසමේදී පැමිණි එක`ගතා කඩ කිරීමට අදාළව විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලූ 3 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ද එම කොමිසම කටයුතු කර තිබුණා.