
වෙළඳපොලේ එළවළු මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.
ඒ අනුව, ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් තොග මිල රුපියල් 170 ට අඩු මට්ටමක පැවති අතර බොහෝ ස්ථානවල එය රුපියල් 100 ත් – 150 ත් මිලක සටහන් වුණා.
ලීක්ස් රුපියල් 200ටත් අඩුවෙන් අලෙවි වූ අතර බෝංචි මිලෙහි පමණක් වැඩි අගයක් දක්නට ලැබෙනවා.
එසේම, පහළ ගිය ආනයනික ලොකුළුෑණු රුපියල් 130 ක පමණ මිලකට අලෙවි වන අතර, ආනයනික අර්තාපල් මිල ද අඩුවී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කළේ.