
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.
ගතවූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තාවී තිබුණා. රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ දිනවල වාර්තාවන ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන වන බැවින් රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබාගන්නා ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථාවන් ද පසුගිය දිනවල වාර්තා වී තිබුණා.