/
/
title icon
IMF චීනයෙන් තවත් සහතිකයක් ඉල්ලයි.
IMF චීනයෙන් තවත් සහතිකයක් ඉල්ලයි.
Editor
2 years ago
Share:
IMF චීනයෙන් තවත් සහතිකයක් ඉල්ලයි.

චීනය විසින් ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති වසර දෙකක ණය සහන කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සදහා ප‍්‍රමාණවත් නොවන බව වාර්තා වනවා.

තානාපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ‍්‍රී ලංකාව සදහා වන ණය සහන පැකේජයකට අනුමැතිය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය, ඉන් ඔබ්බට ගිය සහතිකයක් චීනයෙන් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය සහනයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් වෙතින් ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වනවා.

ඒ සදහා වසර දහයක ණය අත්හිටුවීමක් හා වසර 15ක ණය ප‍්‍රතිව්‍යුහගතකරණයක් මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇතිි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා පූර්ණ සහතිකයක් ඉන්දියාව විසින් පසුගියදා ලබා දුන්නා.

ඉන් අනතුරුව පසුගියදා චීන විදේශ අමාත්‍යාංශය සදහන් කළේ චීනයේ එක්සිම් බැංකුව විසින් ඔවුන් වෙතින් ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර දෙකක ණය සහන කාලයක් ලබාදෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකයක් ලබාදුන් බවයි.

කෙසේ වෙතත්, එක්සිම් බැංකුවේ මෙම සහතිකය සමස්ත චීන ණය වෙනුවෙන් ප‍්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී තිබෙනවා.

මේ හේතුවෙන් චීනයේ හැසිරීම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය සහනය හිමිකර ගැනීම තවදුරටත් ප‍්‍රමාද කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර බටහිර රටවල් ප‍්‍රමුඛ පැරිස් ණය සමාජයේ රටවල් ඔවුන් විසින් ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිවේදනයක් නුදුරේදීම නිකුත් කරනු ඇතැයි එම වාර්තාවල දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required