
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රධාන පාර්ශව හයක් වෙත රුපියල් බිලියන 281 ක මුදලක් ගෙවීමට තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් සටහනක් තබමින් ඔහු සදහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික බලාගාර වෙත ලංකා විදුලිබල මණ්ඩලය පිළිවෙළින් රුපියල් බිලියන 112 ක් සහ බිලියන 80 ක් ගෙවීමට ඇති බවයි.
ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 40ක්, නිවාස මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාර්ශවයන්ට රුපියල් බිලියන 4ක් සහ පෙබරවාරි මාසයේ ගල්අගුරු වෙනුවෙන් රුපියල් බිලියන 35ක මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට පවතිනවා.
එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 10 ක මුදලක් මාසික බැංකු ණය පොලිය ලෙස ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා එම ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.
පසුගිය වසරේ ආරම්භයේ දී ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිය ජනනය සදහා පැවති ජල සම්පත යොදාගත් බැවින් එම කාලයේදී විදුලිබල කප්පාදුවක් නොකළද එහි ප්‍රතිඵලයක් ලෙස වසර මැදදී පැය 4 ත් 6 ත් අතර කාලයක විදුලි කප්පාදුවක් සිදුකළ යුතු වූ බව ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල ඊයේ පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා. ප්‍රදේශවාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාවයේදී පැමිණ සිටි පිරිස පන්දම් දල්වමින් විරෝධතාවයේ නිරතවන අයුරු දක්නට ලැබුණා.