
ඉන්දියාවේ ඔඩීෂා ප‍්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත‍්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා. අදාළ ස්ථානයට ගොස් මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපු ප‍්‍රදේශයට දෙවරක් වෙඩි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවටද වාර්තා වනවා.