
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.
පසුගිය 25 වනදා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පැවැති අතර, එහිදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණා.
මෙම සාකච්ඡාවට කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් සහ සිවිල් සාමාජිකයින් තුන්දෙනා එක්ව තිබෙනවා.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා මෙම සාකච්ඡාවට එක්ව සිටියේ සූම් තාක්ෂණය ඔස්සේයි. විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් විදේශගතව සිටින බැවින් මෙම සාකච්ඡාවට එක්වූයේ නැහැ.
පසුගිය 25 වනදා මුල් වරට රැස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේදී මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමානිර්ණය සහ ජාතික ප‍්‍රසම්පාදන යන කොමිෂන් සභා සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමට එකඟත්වය පළ කෙරුණා.
ඒ සම්බන්ධයෙනුයි අද දිනයේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ.