
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ.
ඒ අනුව නිදහස් දිනය, කළු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර මඩකලපුවේදී සැමරුමක් පවත්වන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනයේ ප‍්‍රදේශ කිහිපයක දැන්වීම් ප‍්‍රදර්ශනය කර තිබෙන බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා. රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බැවින් නිදහස් දිනය වර්ජනය කර එදිනට කළු කොඩි ඔසවා තබන ලෙසයි එම දැන්වීම් පුවරුවල දක්වා ඇත්තේ.