
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අද දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ප‍්‍රකාශ කළා.
මාර්තු මස 9 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සියලූම දිස්ත‍්‍රික්කවලින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ දැන්වීම මගින් ඡුන්ද විමසීම සිදුකරන දිනයට අමතරව වේලාව, ඊට තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ප‍්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
පළාත් පාලන ඡන්ද විමසීම් ක‍්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කර තිබුණා.