
පළමුවරට පවත්වනු ලැබූ යොවුන් කාන්තා විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අවසන් තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම කඩුලූ හතකින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් පන්දු වාර 17 යි එක් පන්දුවක් තුළ සියලූදෙනා දැවී ලකුණු 68 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 14 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.