
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ධනුෂ්ක ගුණතිලකට සියලූ ආකාරයේ ක‍්‍රිකට් තහනම් කිරීමට නීතිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබෙනවා. මෙම තරඟ සංචාරය සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට යොමුකරන ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
මේ අතර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ඇතුළු පිරිස යළි පත්කරන ලෙස ක‍්‍රිකට් ආයතන කළ ඉල්ලීම ජාතික තේරීම් කමිටුව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව සහ අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රීඩා සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි එහි සාමාජිකයෙකු සඳහන් කළේ. ක‍්‍රිකට් තේරීම් කමිටුව සඳහා වත්මන් සාමාජිකයන්ට වඩා අත්දැකීම් සහිත පුද්ගලයින් පත්කර ගැනීම අවශ්‍යතාව ජාතික තේරීම් කමිටුව එහිදී පෙන්වා දී තිබෙනවා.
ඊට අමතරව ක‍්‍රිකට් පරිපාලන ව්‍යූහය වෙනස් කිරීම සඳහා නිදහස් ස්වාධීන කමිටුවක්ද ඉදිරි දින කිහිපය තුළ පත්කිරීමට මෙහිදී තීරණය කර ඇති බව සඳහන්.