
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට ජාතික පුවත්පත් හරහා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ ලබන මස 15 වනදා දක්වා මීට අදාළ අයදුම්පත් භාර ගැනීමටයි.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමක් සිදුකරන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලූම්පත් කැඳවීම දේශපාලන විරෝධි ක්‍රියාවක් බවට තමන් ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ.