
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මග පෙන්වීම් අනුව කටයුතු කරනවා හැර වෙනත් විකල්පයන් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු මේ බව සදහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේදි චීනය විසින් ලබාදි ඇති සහන කාලය පිළිබඳ සෑහීමකට පත් නොවන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුුදල මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවද එහිදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලා.
ඒ චිනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වසර 2 ක ණය සහන කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා ප‍්‍රමාණවත් නොවන බවට පලවු වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදින් සිදුකළ ප‍්‍රශ්ණ කිරීම්වලට ප‍්‍රතිචාර දක්වමින්.