
පළාත පාලන ආයතන විසුරුවා හැර නොමැති අවස්ථාවක ඡන්ද විමසීම අතරතුර සිදුවිය හැකි රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම් වලක්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලූම පළාත් පාලන කොමසාරිස්වරුන් හා සහකාර කොමසාරීස්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ, කොමිසමට නොව විෂය භාර අමාත්‍යවරයාට බවයි.
එ් අනුව මේ සම්බන්ධයෙන් පොදු තීරණයක් ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළා.