
මගීන් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත වී ප‍්‍රපාතයකට ඇදී යමින් තිබියදී පස් කන්දක් දෙසට බස් රථය ධාවනය කර සිදුවීමට ගිය විශාල අනතුරක් දැඩි පරිශ‍්‍රමයක් යොදා වලක්වා ගැනීමට එහි රියදුරු සමත්ව තිබෙනවා.
ඊයේ පෙරවරුවේ බදුල්ල සිිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ තිරිංග බෙරගල – විහාරගල ප‍්‍රදේශෙයේදී එකවරම ක්‍රියාවිරහිත වී ඇති අතර රියදුරා බස් රථය නවතාගෙන ඇත්තේ, මාර්ගයේ දකුණුපස පිහිටි කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට ධාවනය කරමින්.
එසේ නොකළේ නම් අනෙක්පස පිහිටි මීටර 500ක පමණ ප‍්‍රපාතයට පෙරලී විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය වනවිට බස්රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට තිබෙනවා. මෙලෙස අනතුර වලක්වාගැනීමට කටයුතු කර තිබූ බස් රථයේ රියදුරු ඩී.එම්. ප්‍රියන්ත විසින්.