
මෙවර පළාත්පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් 80,720 දෙනෙකු ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින්.
පළාත්පාලන ආයතන 339 කට අදාළව මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මාර්තු මස 9 වනදායි. ඊට අදාළව නාමයෝජනා භාරගැනීම පසුගියදා අවසන් කෙරුණු අතර, තැපැල් ඡන්ද අයදුම්පත‍්‍ර භාරගැනීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර තිබෙනවා.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සහ ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන ලෙස මැතිවරණ කොමිසන් සභාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.