/
/
title icon
O/L අයදුම්පත් කැඳවීම අද සිට අන්තර්ජාලයෙන්.
O/L අයදුම්පත් කැඳවීම අද සිට අන්තර්ජාලයෙන්.
Editor
2 years ago
Share:
O/L අයදුම්පත් කැඳවීම අද සිට අන්තර්ජාලයෙන්.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත‍්‍ර කැඳවීම අද සිට මේ මස 28 වනදා දක්වා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලූම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම්පත‍්‍ර ඉදිරිපත් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන නිල වෙබ් අඩවි වලට පිවිස හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන Exams SRI LANKA වෙත පිවිස අදාළ අයදුම්පත‍්‍ර යොමු කළ හැකියි.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අයදුම්කරුවන් ඉදිරිපත්කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම සහ මුරපද පාසල් ප‍්‍රධානීන් වෙත ලබාදී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

මේ මස 28 වනදා මධ්‍යම රාත‍්‍රී 12 න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර, ඉන්පසුව මාර්ගගත ප‍්‍රවේශය වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද ඔවුන් අවධාරණය කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required