
බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට චන්දික හතුරුසිංහ යළිත් පත් කෙරෙනු ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදුකර නැහැ.
හතුරුසිංහ නිව් සවුත්වේල්ස් සහය පුහුණුකාර ධුරයෙන් ඉවත්ව ඇති බවට වාර්තා වීමත් සමඟයි ඔහු යළි බංග්ලාදේශ ටෙස්ට් සහ එක්දින පුහුණුකාරීත්වයට පත් වනු ඇති බවට මෙම වාර්තා පළවුණේ.