/
/
title icon
ජනවාරියේ උද්ධමනය පහළට.
ජනවාරියේ උද්ධමනය පහළට.
Editor
2 years ago
Share:
ජනවාරියේ උද්ධමනය පහළට.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 54.2 ක් දක්වා පහත බැස ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. දෙසැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 57.2ක් මට්ටමේයි. එමෙන්ම, ආහාර කාණ්ඩයේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 60.1ක් දක්වා පහත බැස ඇති අතර එය පසුගිය මාසයේ පැවතියේ සියයට 64.4ක් ලෙසයි.

මේ අතර, රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බවට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය සේවක, විශ‍්‍රාම වැටුප්, සුභ සාධන, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලූ වියදම් දැරීමට මේ මොහොතේ මහ භාණ්ඩාගාරයට අපහසු වී ඇති බවද ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ අනුව බදු සංශෝධන මගින් උපයාගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා. ඒ සදහා ප‍්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත් එතෙක් සුළු වියදම් සදහා වෙන් කරන මුදල් නිදහස් කිරීම සීමා කරන බවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇති බව සදහන්.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය වන සහය පිළිබදව සාකච්ජා කිරිමේ අරමුණින් මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චංග් හා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සදහා ඩොලර් බිලියන 4.7ක ණය පැකේජයක් අනුමත කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය සියයට 2.9 දක්වා පහත වැටෙනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required