
මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් සිටියදී ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නිරෝෂා නිරංජලා හෙවත් නින්ජා නැමති කාන්තාව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය ඊයේ නියෝග කළා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 30 යි මිලිග‍්‍රෑම් 160 ක් සොයාගත් අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ හත හමාරක්.
එමෙන්ම, ඇය සතුව මුදලින් රුපියල් පන්ලක්ෂ 60,000 ක් ද වැටලීම සිදුකළ කොට්ඨාශභාර අපරාධ විමර්ශන ඒකකය සොයා ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත නින්ජා නැමති මෙම කාන්තාව මෝදර – පඤ්ඤානන්ද මාවත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 32 හැවිරිදි තැනැත්තියක්.