/
/
title icon
අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ – උපයෝගීතා කොමිසම.
අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ – උපයෝගීතා කොමිසම.
Editor
2 years ago
Share:
අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ – උපයෝගීතා කොමිසම.

අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලූම සාමාජිකයන් ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමේ සියලූම සාමාජිකන්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති රැස්වීමකදිය.

මෙම රැස්වීමට රජයේ එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මුලින් පැවසු සාමාජිකයන් තිදෙනාද සහභාගි වී සිටියා. කොමිසමේ උප සභාපති උදේනි වික‍්‍රමසිංහ, සාමාජිකයන් වන මහාචාර්ය මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ එම තිදෙනායි.

මේ අතර විදුලි පාරිභෝගිකයන්ට සූර්යබල බැටරි සහිත දෙමුහුන් පද්ධති මධ්‍යම ජාලයට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවකාශ ලැබී තිබෙනවා. ඒ, සූර්යබල පද්ධති සඳහා පැවති කාලය මත පදනම්ව අය කරනු ලබන විදුලි ගාස්තු ක‍්‍රමවේදය ඉවත් කිරීමත් සමඟයි.

සූර්යබල පද්ධති සඳහා බලශක්තිය ගබඩා කිරීමේ බැටරි පද්ධති ස්ථාපනය කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම කඩිනම් කිරීම වෙනුවෙන් මෙම ගාස්තු ක‍්‍රමවේදය පෙරේදා සිට ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් දෙමහුන් පද්ධති මධ්‍යම ජාලයට සම්බන්ධ කිරීමේදී ඉන්වර්ටර්වල ආරක්ෂාව සඳහා වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිතිය අදාළ බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප‍්‍රකාශ කළේ.

මෙමඟින් දැනට සූර්යබල පද්ධති භාවිත කරන සහ ඉදිරියේදී ඒවා සම්බන්ධ කරගන්නා පාරිභෝගිකයන්ට සූර්යබල සහ බැටරි තාක්ෂණයෙන් යුත් දෙමුහුන් පද්ධති ක‍්‍රියාත්මක කළ හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required